Wednesday, March 15, 2017

සාර්ථකව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කෙසේද ?


අපේක්ෂකයා රැකියාවටත්, රැකියාව අපේක්ෂකයාටත් ගැළපෙනවාද යන්න සොයා බැලෙන ක්‍රියාදාමයකි 
ඔබ සම්මුඛ පරීක්ෂණයකට යන විට ඔබේ ජීව දත්ත පත්‍රිකාව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අත තිබෙනවා. ඔවුන්ට ඔබ සමග කතා කිරීමට අවශ්‍ය වන්නේ ඉන් තීරණය කර ගත නොහැකි දේවල් ටිකක් පමණි.
එනම්,
  • ඔබ කොතරම් හොද සන්නිවේදකයෙක්ද ?
  • ඔබ කොතරම් විශ්වාසනීය ද ?
  • ඔබ නිවැරදි ආකල්ප ඇත්තෙක් ද?
  • භාවිතයේ දී ඔබට දැනුම යොදාගත හැකිද ?  යන්නයි.
ඒ අනුව සම්මුඛ පරීක්ෂණයට කැදවීමේ ලිපිය ලද විගස හා ඉන් පසු අනුගමනය කල යුතු ක්‍රයාමාර්ග කිහිපයකි.
සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ ලිපිය ලද විගසම
  • ආයතනයේ නිෂ්පාදන සේවා හා ආයතනයේ ශාඛා පිළිබද සොයා බලන්න.
  • ආයතනයේ ප්‍රචාරණ දැන්වීම් සොයා බලා ඔබේ ක්‍රියාකාරකම් අයදුම්ප‍තේ මතු කර පෙන්වන්න.
  • කරපටිය පැළඳීම, සාරිය ඇඳීම පුහුණු වන්න
ඇඳුම් 
දුටු වහාම සිත් ඇදගන්නා පළමු දෙය ඇඳුමයි. ඔබ ඉතා හොදින් හැද පැළ, හො ආකල්පයක් නිර්මාණය කරන්නේ නම් සම්මුඛ පරීක්ෂණයේ 50% කින් එතෙර විය හැක.
පිරිමි -
  • ලා පැහැති කමීසයක් හා තද පැහැති කලිසමක් ඇඳිය යුතුය.
  • කලිසමේ පටිය දක්වා දිගින් යුතුව පිටුපස කොලරයෙන් වැසෙන පරිදි හා කරපටියේ ඇතුල් කොටස පිටතට නොපෙනෙන සේ පිළිවෙලට කරපටිය ඇඳිය යුතුය. එය කමීසයේ පැහැයට, මේස් වල පැහැයටත් ගැළපිය යුතුය.
  • සපත්තු ඉතා හොඳින් පිරිමැද තිබිය යුතුය.
කාන්තා - මෙය ආකාර තුනකින් ඇදිය හැක
  1. සාරිය ඇඳීම
  2. සාය හා හැට්ටය ඇඳීම
  3. කලිසම් සූට් ඇඳීම                                                                                                                             
  • ඇඳුම රැකියාව අනුව විය යුතු අතර උත්සව අවස්ථාවලට අඳින තද පාට හා දිස්නය දෙන වැඩ දැමූ ඇඳුම් නොඇඳිය යුතු අතර, උදයවරුවේ නම් ලා පැහැය ද සවස් වරුවේ නම් තරමක් තද වර්ණ ද භාවිතා කල යුතුය.
  • ආභරණ අවම වශයෙන් පැළඳිය යුතුය
  • සාරි පොට උරහිස ළඟින් අල්පෙනෙත්තක් ගසා නතර කල  යුතුය
  • ගැලපෙන හා සුව පහසු පාවහන් පැළඳිය යුතුය
  • ආයතනය නිවැරදිව පිහිටා ඇති තැන පිළිබඳව සොයා බලන්න
  • සම්මුඛ පරීක්ෂණ දිනයට සමීප දේශීය හා ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ දැනුම්වත් වන්න
  • නිරන්තරයෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම සදහා පුහුණු වන්න.
  • නිරන්තරයෙන් අසන ප්‍රශ්න කිහිපයක්
  • ඔබ ගැන යමක් කියන්න
  • ඔබේ ශක්තීන් හා දුර්වලතා පිළිබ කියන්න.
  • මේ රැකියාව සදහා ඔබ සුදුසුම පුද්ගලයා වන්නේ මන්දැයි කියන්න
  • ඔබේ කෙටි කාලීන හෝ දිගු කාලීන වෘත්තීය ඉලක්ක කියන්න
  • මෙම රැකියාව සදහා ඔබ සතු සුදුසුකම් ගැන කියන්න.
සම්මුඛ පරීක්ෂණයට පෙර දින
  • පහත දෑ සම ලස්සන ගොනුවක් සකසා ගන්න
  • ඔබේ අයඳුම්පතේ පිටපත්
  • කැඳවීමේ ලිපියේ පිටපත්
  • අධ්‍යාපන සහතික හා පිටපත්
  • වෙනත් ආශ්‍රිත ලිපි
  • සෘජුවම රැකියාවට සම්බන්ධ ශක්තීන්, සුදුසුකම් හා අත්දැකීම් පිළිබ ඔබේ මතකය අලුත් කර ගන්න
  • තරමක් වේලාසනින් නින්දට යන්න
සම්මුඛ පරීක්ෂණ දිනයේ

  • තරමක් වේලාසනින් අවදි වී සැහැල්ලු ආහාර වේලක් ගන්න
  • ඔබේ ලිපි ගොනුව නැවත පරීක්ෂා කර බලන්න
  • හොදින් හැ පැළදගෙන තරමක් වේලාසනින් පිටත්වන්න. බලාපොරොත්තු විරහිත මාර්ග බාධා හා පමාවීම පිලිබද සැලකිලිමත් වන්න.
  • ඔබ සම්මුඛ පරීක්ෂණ ස්ථානයට ළඟා වන ආකාරය ගැන සැලකිලිමත් වන්න. ඔබ පොදු ප්‍රවාහන සේවය යොදා ගන්නේ නම් බොහෝ විට මහන්සි වී දහඩිය දමා ගෙන යාමට සිදුවනු ඇත. එවිට පිළිගැනීමේ නිළධාරින්ගෙන් විමසා, විවේක කාමරය අසා එතැනට ගොස් නැවත අළුත් වී යන්න.



  • No comments: