Sunday, March 26, 2017

පින්න මලේ සුද ඇන්න ගිහින් වද...

පින්න මලේ සුද ඇන්න ගිහින් වද
මුහුණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා නුඹ හැන්දෑ කරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා...

දුන්න වගේ නැමි බන්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නගේ උඹ යන්නේ ගමෙන් පිට
ගංගොඩ වෙල් එළි පාළු වෙතේ...

පින්න මලේ සුද...

ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ උඹ
එන්නේ අළුත් අවුරුදු කාලේ
ගන්න එපා පරදේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේශේ...

ගායනය: එඩ්වඩ් ජයකොඩි

MP3 වර්ශන් එක බාගත කර ගැනීමට පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/129/pinna-male-suda-anna-gihin-wada-edward-jayakody-sinhala-mp3.html


No comments: