Saturday, March 25, 2017

හන්තාන අඩවියේ...

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ

කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුදිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

පීඩනයෙන් තැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩිසැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

හන්තාන අඩවියේ...

ගායනය: නන්දා මාලිනී

MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න. :- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/173/hanthana-adaviye-maduru-kulunu-sudu-sadalu-thala-pisa-nanda-malini-sinhala-mp3.html


No comments: