කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ
කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ //
දෙමාපියන්නේ වරද නොවන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ
සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ //
හනිකට එන්නේ හනිකට එන්නේ
බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ //
ගායනය - නන්දා පතිරණ, එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
MP3 වර්ෂන් එක බාගත කර ගන්න... :- http://www.topsinhalamp3.com/songs/edward-jayakodi-mp3-songs/bakini-gahe-bakini-malen-mp3-song.php

No comments:
Post a Comment