1. සොෆ්ට්වෙයා ෆයර්වෝල්
2. හාඩ්වෙයාර් ෆයර්වෝල්
මං කලින් සඳහන් කරපු වින්ඩෝස් ෆයර්වෝල් අයිති වෙන්නෙ සොෆ්ට්වෙයා ෆයර්වෝල් වලටයි. මේ වර්ගයේ ෆයර්වෝල් ගොඩක් ඇන්ටි වයිරස් ගාඩ් වලත් තියෙනව දැන්. ගොඩක් අය එතනදි කරන වරදක් නම් ෆයර්වෝල් තියෙන වයිරස් ගාඩ් එකකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීමයි. ඒ සමහරවිට වැඩි ආරක්ෂාවක් ගැන හිතල වෙන්න ඇති. ;) ඒත් ඒකෙන් වෙන්න එක ෆයර්වෝල් එකක් වත් හරිහැටි ක්‍රියා නොකිරීමයි. හරි දැන් ඒ ගැන ඇති. මෙම ලිපියෙන් මා ගොඩක් ම බලාපොරොත්තු වන්නේ හාඩ්වෙයාර් ෆයර්වෝල් ගැන යමක් පැවසීමටයි...
ගොඩක් ආයතන වල මෙවැනි උපාංග වර්තමානයේදී භාවිතා කරනවා. ගොඩක් වෙලාවට මේ උපාංගය නම් දකින්නෙ නැතුව ඇති. මොකද මේවා සවි කරන්නෙ සාමාන්‍යයෙන් සර්වර් රූම් එකේ. ඒ තුළට ඇතුල් වෙන්න දෙන්නෙ බලයලත් සීමිත පිරිසකට පමණයි. ඒ ආරක්ෂක උපක්‍රමයක් වශයෙන්. කෙසේ හෝ එවැන්නක් තිබෙනවා නම් කාර්යාල වෙලාවන් වලදී කාර්යාල ජාලය එහෙමත් නැත්නම් තේරෙන විදිහට කිව්වොත් ඔෆිස් නෙට්වර්ක් එක භාවිතා කරනකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. දැන් අහයි කොහොමද ඒ වගේ දෙයක් තියෙන්නෙ කියල බලා ගන්නෙ කියල එතකොට ? පේන්නත් නැත්නම් බලා ගන්න
බැහැනෙ. ඔව්. ඇත්ත. ඒත් ඔයාලට බලා ගන්න පුළුවන් සියුම් අවධානෙකින් හිටියොත්. ඒ කියන්නෙ ඔයාලගෙ අන්තර්ජාල පහසුකම් නැත්නම් ඉන්ටර්නෙට් භාවිතය සීමා කරල නම් ඒකෙන් යම් ඉඟියක් ලබා දෙනව මෙවැනි උපාංගයක් භාවිතා වන බවට. හැබැයි මේ තර්කය සෑමවිට ම වලංගු වෙන්නෙ නම් නැහැ. කෙසේ හෝ අපි බලමු මේ වගේ උපාංගයක් භාවිතා කරන විට කාර්යාලයේ උසස් නිලධාරීන්ට කරන්න පුළුවන් ප්‍රධාන කාර්යයන් මොනවාද කියල.
1.ඕනෑම කෙනෙක් කාර්යාල වෙලාවන් වල පිවිසෙන වෙබ් අඩවි පිළිබඳ වාර්තාවක් සැනෙකින් ලබා ගැනීම
2.අන්තර්ජාල ප්‍රවේශය එක් එක් සේවක සේවිකාවන්ට සරිලන පරිදි සීමා කිරීම
3. VPN එකක් සකස් කර ගැනීමට
4.සමාජ ජාල වෙබ් අඩවි, යූ ටියුබ් වගේ වීඩියෝ ස්ට්‍රීමින් වෙබ් අඩවි, අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම පොදුවේ අවහිර කිරීම හෝ මොනිටර් කිරීම.
මේ කිව්වෙ ප්‍රධාන ම කිහිපයක් පමණයි. තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ෆයර්වෝල් සැකසුම් හෙවත් කන්‍ෆිගරේශන් ගැන මං කියන්න උත්සාහ කරන්නෙ නැහැ එහෙම කිව්වොත් මේ කතාව ගොඩාක් සංකීර්ණ වෙන නිසා. කෙසේ හෝ ඔය අවසානයට කිව්ව දේ තමා ගොඩක් ම වැදගත්. ඒ මන්දයත් බොහොමයක් ආයතන ප්‍රධානීන් තමන්ගෙ සේවක සේවිකාවන් කාර්යාල වෙලාවන් වලදි කරන දේවල් අධීක්ෂණය කරනවා වර්තමානේදී. ඒ සඳහා බොහෝ විට කරන්නෙ වෙබ් අඩවි වලට පිවිසීම අවහිර නොකර දවස ගානෙ සතියකට සැරයක් හරි මාසෙකට සැරයක් හරි රිපෝට් හැදෙන්න දීල ඒව පරීක්ෂා කිරීමයි. එමගින් එක එක සේවකයා එහෙම නැත්නම් සේවිකාව කාර්යාල වේලාව තුළදී ප්‍රවේශ වුනු වෙබ් අඩවි වල රිපෝට් එකක් ගන්න පුලුවන්. ඉතින් හිතන්නකො යම් කෙනෙක් අසභ්‍ය වෙබ් අඩවියකට එහෙම පිවිසුනොත් වෙන්න පුළුවන් දේ ගැන. ඒ කෙනා කෙලින් ම ආයතන පරිපාලනයට හසු වෙනවා. මේ හසුවෙන කෙනා ඊට පස්සෙ ආයතනය තුළ හයිලයිට් වෙනවා. මේ වගේ සිද්ධීන් නිසා තවත් දේවල් වෙන්න පුළුවන්. හිතන්නකො මේ හසුවෙන කෙනා බවලත් උදවියෙ කෙනෙක් කියල. එහෙම වුනොත් ඇතිවෙන ලැජ්ජාව නිසා ම ජීවිත හානි වුනත් වෙන්න පුළුවන්, සමහර ආයතන ප්‍රධානීන් මෙවැනි අයගෙන් ලිංගික අල්ලස් ලබා ගන්න අවස්ථා වුනත් ඕනි තරම් වාර්තා වෙලා තියෙනවා. ඉතින් කොහොමද මේව වළක්ව ගන්නෙ ? කරන්න පුළුවන් හොඳම දේ තමා කාර්යාල වෙලාවන් වලදී කාර්යාල ජාලය භාවිතා කරද්දි තමන්ගෙ රැකියාවට අදාළ දේවල් පමණක් සිදු කිරීම. මා සේවය කරපු කාලෙත් එවැනි අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඒ නිසයි මේ තරම් මේ ගැන පැවසුවේ. එහෙනම් තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු....


No comments:
Post a Comment