නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී..
ඝණදුරෙන් මිදී
තරු රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී..
හසඟනන් පිරී
පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී..
MP3 වර්ෂන් එක බාගත කර ගැනීම සඳහා:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/4211/nethu-dahan-bindi-hada-wiman-wadi-edward-jayakody-sinhala-mp3.html

No comments:
Post a Comment