Thursday, March 30, 2017

කවුරු වේවි ද ඇය...

හිතුවක්කාරියෙකි
කියන දේ නොඅසන
සිතන දේ ම කරනා
කවුරු වේවි ද ඇය...

නොනවත්වා කියවන
ආදරය ම පතන
සැමට ආදරය බෙදන
පුංචි සිත් ඇත්තිය...

ඈ වැඩක යෙදෙන විට
කෙනෙකු අත දැමූ කල
පුංචි මුහුණ මත ඇ‍ඳෙන
බලනු රිසියද කුකුල් කේන්තිය...

ඊරිශියා නොකරන
මල් හිනාවෙන් මුවග සරසන
දු‍ටුවන්ගේ සිත් නිවන
පුංචි මුවැත්තියක් නොවෙද ඇය...


No comments: