IONIC වලින් APP හදන්නේ මෙහෙමයි
IONIC කියන්නේ මේ දවස්වල හුගක් famous උන application framework එකක් , ඇත්තම කතාව එකෙන් හරි ලේසියෙන් ඔයාලට තියන වෙබ් නිර්මාණකරන හැකියාවන් දාල ලේසියෙන් ම app එකක් ගොඩදාගන්න පුළුවන් අනික් වැදගත්ම දේ මේ දවස්වල හුගක් Interview වලට යන අපේ සෙට් එකටත් ලේසියෙන් ලකුණක් දාගන්න පුළුවන් දෙයක් තම hybrid app හදන්න පුළුවන් කියන එක ඉතින් එකෙන් ලේසියෙන් ඔයාලට ලකුණු ටිකක් දාගන්න පුළුවන් ... තව අනික් අයට තමන් ගේ phone එක මොකක් උනත් ලේසියෙන් ඕනේ විදිහේ APP එකක් හදන්න පුළුවන් මේ framework එක use කරලා හොදයි මුලින්ම බලමු මේක කොහොමද දාගන්නේ කියල ..
- ionic දාගන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ දේ තමා ඔයාගේ pc එකට nodejs දාගන්න ඕනේ මේ link එකෙන් ඔන්න download කරගන්න පුළුවන් https://nodejs.org/en/download/ මේ ලින්ක් එකට ගින් ඔයාට හරියන nodejs package එක download කරලා දාගන්න ..
- ඔන්න එකෙන් පස්සේ ඔයාලගේ PC එකේ තියනව environment variables වගයක් සෙට් කරන්න මේ image එක බලන්න කෝ
මෙතනට යන්නේ ඔයාගේ PC එකේ My Computer Right Click කරලා එකෙන් ලැබෙන Properties මෙනුවෙන් Environment Variable button එක click කරලා , ඔතනදි ඔයාට ඔය semicolon එක " ;" මෙන්න මේකෙන් පස්සේ ඉතුරු ටික ඔයාගේ SDK එක තියන තැන දෙන්න ඕනේ මගේ තියෙන්නේ C:\Users\Yasura\AppData\Local\Android\android-sdk මෙන්න මෙතන. හොඳ ම දේ වෙන්නෙ "D " drive එකේ හරි E එකේ හරි දාගන්න එක හොදද (* මේ ස්ටපේ එක android කස්ටියට විතරයි IOS ලොක්කන්ට මේ දේ ඕනේ නැ XCODE දාගන්න ඕනේ එච්චරයි )
ඔන්න දැන් අමාරු ටික අහවරයි දැන් ඕනේ IONIC Framework එක දාගන්න මේකෙදි ඔයාට IONIC තනියෙන් දන්නා බැ අනිවා Npm නැත්තම් Nodejs දල තියෙන්න ඕනේ අපි එක දැම්ම අනික් එක තමා Apache Cordova මේ දේත් ඕනේ. හා කාරියක් නෑ. ඒක එකවරම දාන්න පුළුවන්
මුලිනම් Command Prompt එක ඕපන් කරගන්න කෝ (Windows key + R වලින් Run එක Open කරන් එකේ CMD ගහල Ok කරන්න ) දැන් ඔතන ඉදන් ඔයාල ඔයාගේ App එක හදන්න ඕනේ තැනට යන්න ඕනේ
මන් app එක හදන්නේ desktop එකේ ඉතින් ඔයාලට ඕනේ තැනට Directory එක මාරුකරගන්න
ඔන්න දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙචරයි මම stape ලිස්ට් එකක් දාන්නම් ඒ විදිහට කරන්න
windows
npm install -g cordova ionic
mac
sudo npm install -g cordova ionic
ionic start [appname] sidemenu
දැන් ඉතින් ඔය App name කියන තැනට ඔය කැමති නමක් දීල side menu කියන්නේ ඕකෙදි අපි ගන්න template එක එක ඔයාට විදි කීපයකින් ගන්න පුළුවන්- tab
- sidemenu
- blank
දැන් ඔන්න ඔයාට app එකේ වැඩ කරගන්න පුළුවන් මෙන්න මේ code එක ගහන්න ඔයාට app එක බලාගන්න පුළුවන් ඔයාගේ web browser එකේ
ionic serve
ඔයාලට මේ ලින්ක් එකට ගින් තව විස්තර ගොඩක් ගන්න පුළුවන් මම තව lesson එකකින් කොහොමද app එක කරන්නේ කියන දේ කියල දෙන්නම් .. ඇත්තටම මම දැනට Ionic framework එකෙන් වැඩ ගොඩක් කරලා තියනවා බය නැතිව try කරන්න
සුබ දවසක් ඔයාල හැමෝටම ..


No comments:
Post a Comment