හැමෝගෙන් ම අවසරයි. ඔන්න කාලෙකට පස්සෙ ආයෙමත් ලියන්න අවස්ථාවක් හම්බුණා. මං අද මේ කියන්න යන්නෙ වර්තමානයේ ගොඩක් අයට මුහුණ දෙන්න වෙන අමිහිරි අත්දැකීමක් ගැනයි. ඒ සයිබර් අවකාශයේ සිදුවෙන අපරාධ හෙවත් (Cyber Crimes) ගැනයි. ඒත් ඒක ගොඩක් ලොකු මාතෘකාවක් හින්ද ඒකෙන් එක කොටසක් වෙන මුහුණු පොතෙන් වෙන ප්‍රධාන ම අපරාධයක් ගැන සහ ඒ වගේ දෙයක් වළක්වා ගන්න පුළුවන් ක්‍රම සහ මුහුණ දෙන්න වුනොත් කළ හැකි දේවල් ගැන කතා කරන්න හිතුවා. මං හිතනව ඒක කාට හරි කෙනෙක්ට ප්‍රයෝජනවත් වේචි කියල.
හරී.
ඊට කලින් හිතන්නකො ඔයයි ඔයාගෙ හොඳ ම යාලුවයි ගැන. ඔයාල පොඩි කාලෙ කොච්චර නම් රණ්ඩු වෙලා ඇතිද නේද ? ගොඩක් වෙලාවට ඒ බැනගෙන නෙ. නැත්නම් ඊට පොඩ්ඩක් එහාට ගිහින් වලියක් දාගෙන අතින් පයින් ගහගෙන නෙ. එහෙම නෙ. නේද ? ඒත් ඒක ගොඩක් වෙලාවට එතනින් ඉවරයිනෙ. අදට ත් මතක් වෙනකොට හිනා යනවත් ඇති. ඒකෙ ගැටළුවක් නැහැ. ඒත් අද කාලෙ මිනිස්සු තව කෙනෙක් එක්ක තරහක් ආවහ ම ඒ කෙනාගෙන් ඒ තරහ පිරිමහ ගන්න හදන්නෙ මහ අමුතු ම ක්‍රමේකට. මේක යාළුවො දෙන්නෙක් අතර වෙන්න ත් පුළුවන් නැතිනම් ආදරවන්තයෙක් හා ආදරවන්තියෙක් අතර වෙන්නත් පුළුවන්. ඒ තමා එක්කො ඔහු හෝ ඇය භාවිතා කරන මුහුණුපොතේ ගිණුම (Facebook Account) හැක් කරල අසභ්‍ය දේවල් හරි ගොඩාක් පෞද්ගලික (Personal දේවල් එහි පළ කිරීම, ඇතැම් විට ඒ කෙනා නමින් පෙනී ඉඳල ඔහුගේ හෝ ඇයගේ මිතුරන් සමග චැට් කරන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒ ඉන්නෙ තමන්ගෙ ඇත්ත ම යාළුව කියල හිතල ගොඩක් රහස්‍ය තොරතුරු පවා හුවමරු වෙන්න පුලුවන් චැට් හරහා. හිතන්නකො ඒක කොච්චර භයානක වෙන්න පුලුවන් ද කියල. නේද ?
අනිත් එක තමා කෙනෙක් ගෙ නමින් වෙනත් හොර ගිණුම් (Fake Accounts) සාදා භාවිතා කිරීම. මේක අපි Impostor නමින් හඳුන්වනවා. ඇතැම් විට මේ සඳහා අපේ ගොඩක් පෞද්ගලික (Personal) ඡායාරූප පවා එයාල භාවිතා කර ගන්න පුළුවන්. දැන් ඔයාල අහයි එයාලට කොහෙන්ද ඒව කියල. සරල ව ම කිව්වොත් ඒව දෙන්නෙත් ඔයාල ම තමා තමන්ගෙ ගිණුම් හරියට හදා ගන්නෙ නැතුව ඡායාරූප පළ කරල.
හරි එහෙම නම් මුළින් ම බලමු අපි මේ වගේ දේවල් වෙන්න තියෙන ඉඩකඩ අඩු කර ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියල. මොකද අවදානමට පෙර සූදානම වටිනව කියල කියනවනෙ. (Prevention is Better than Fire Fighting) නෙ. හරී, එහෙම නම් මෙන්න මේ කියන කරුණු ගැන ඔයාලගෙ අවධානය යොමු කරන්න පුන්චි ම පුන්චි කාලයක් වැය කරල හරි...
1. හොඳ මුරපදයක් (Strong Password) යොදා ගැනීම. මෙහිදී තමන්ගෙ නම, උපන් දිනය වගේ හෝ අංක කිහිපයක් වගේ ලේසියෙන් කෙනෙකුට ගෙස්ට් කරන්න පුළුවන් එකක් නම් භාවිතා කරන්න එපා. උදාහරණ කිහිපයක් මං ගෙන හැර දක්වන්නම් අනාරක්ෂිත මුරපද වලට.
123456
123456789
qwerty
12345678
111111
1234567890
1234567
password
123123
987654321
මේ වගේ ඒව නම් යූස් කරන්න එපා හොඳේ... මතක තියා ගන්න පුළුවන් ඒත් හිතන්න අමාරු එකක් යූස් කරන්න...
2. තමන් පළ කරන ඡායාරූප හැකි සෑමවිට ම මිතුරුන් ට පමණක් Friends ශෙයාර් කර ගන්න. නැතිනම් තමන්ට පමණක් පෙනෙන සේ (Only Me) දමා තවත් දකින්න අවැසි අයට ටැග් කරන්න. Custom වලිනුත් පුළුවන් යම් පිරිසකට පමණක් දර්ශනය වන පරිදි සකසා ගන්න. තමන්ගෙ අවශ්‍යතාව අනුව ඒ දේවල් තොරා ගන්න වග බලා ගන්න.

3. පෞද්ගලික ව දන්න හෝ විශ්වාසවන්ත අය පමණක් තම මිතුරු ලැයිස්තුවට එක් කර ගැනීම. මෙන්න මේ දේත් ගොඩාක් ම වැදගත්. මොකද නැත්නම් කොච්චර Privacy හැදුවත් වැඩක් නැහැනෙ. මඩේ ඉඳන් ම මඩ ටික හෝදල දාල පිරිසිදු වෙන්න හදනව වගේ වැඩක් ඒක.
4. නිතර භාවිතා කරන විදයුත් තැපැල් ගිණුම (Email Address) වෙනුවට වෙන ම ම ගිණුමක් යොදා මුහුණු පොතේ ගිණුම සකස් කිරීම. මෙන්න මේ දේත් ටිකක් වැදගත්. මොකද එතකොට ලේසියෙන් කෙනෙක්ට අපේ ගිණුමේ පරිශීලක නාමය (Username) හොයා ගන්න අමාරුයිනෙ. ඔයාලට ඒ වෙනුවෙනුත් 2- Step Verification වගේ යොදා ගන්න පුළුවන් නම් තවත් හොඳයි ආරක්ෂාවට.
5. Two-Factor Authentication සක්‍රීය (Enable) කර ගැනීම. මෙන්න මේ දේ ඇතැම් විට ඔයාල කරදරයක් කියලත් හිතන්න පුළුවන්, ඒත් ඒකත් වටිනව ඔයාලගෙ ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන්. කොටින් ම මුරපදය දන්නෙ කෙනෙක්ට වුනත් පහසුවෙන් ලොග් වෙන්න බැහැ ඔයාලගෙ ජංගම දුරකතනයට පැමිණෙන අංකය (Code) ඉල්ලන නිසා. ඒක දන්නෙ ඔයාල විතරනෙ. අනිත් එක ඒකෙන් දැන ගන්න පුළුවන් අනවසරෙන් කෙනෙක් ඇතුළු වෙන්න උත්සාහ කරපු බවත්. තේරුණා නේද මේකෙ තියෙන වටිනාකම ගැන.
6. තමන්ගෙ බිත්තියෙ (Wall එකෙ නැත්නම් Timeline එකැ Privacy Settings ත් ගොඩක් වැදගත්. පුළුවන් හැම එකක් ම මිතුරන්ට පමණක් (Friends) ලෙස ලබා දෙන්න. එතකොට වෙනත් බාහිර පිරිස් වෙත වෝල් එකේ පළ කරන දේවල් පෙනෙන එක නවතිනවනෙ. :)
ඔය මං කිහිපයක් තමා කීවෙ. මේ දේවල් වලට අමතර ව තව අවශ්‍ය යැයි සිතෙන දේවල් අපට යොදා ගන්න පුළුවන්. මොකද මේ සියල්ල ම අපට හඳුන්වල දීල තියෙන්නෙ අපේ ම ආරක්ෂාවට. ඉතින් ඒව භාවිතා කරන්න අපි වග බලා ගන්න ඕනි දෙයක් වුනාට පස්සෙ මාර්ක් සකර්බර්ග් ට බැණ බැණ ඉන්නෙ නැතුව. :p
ඊළඟට බලමු එහෙම හැක් වුනු වෙලාවට හරි නැත්නම් හොර ගිණුමක් ගැන දැන ගත්ත ම හරි කරන්න පුළුවන් දේවල් ගැන. ඔයාල මොකද හිතන්නෙ. අනිත් හැම එකට ම වගේ පොලීසියට ගිහින් පැමිණිලි කරනවද ? ඒක තරමක් හොඳ දෙයක් තමා. ඒත් මේ වගේ දේක පළමු පියවර වශයෙන් නම් හොඳයි කියල සිතන්න ටිකක් අමාරුයි. අනිත් එක එතකොට ගතවන කාලෙත් වැඩී නෙ. මොකද හිතන්නෙ මේ වගේ එකක් පැය 24ක් වගේ කාලයක් ඇතුළත අයින් කර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනව නම් ගෙදර ඉඳන් ම. එහෙම හොඳයි ද ? ;) ඔව්. ඔයාලත් ගොඩක් කැමති වෙයි ඒකට. මේ සඳහාත් ක්‍රම 2ක් තියෙනවා. ඒව තමා
1. තමන්ගෙ යාළුවො පිරිසකට කියල මේ ගිණුම රිපෝට් කරවා ගැනීම
2. තමන් ම මේ ගැන මුහුණු පොතේ උපකාරක අංශයට (Facebook Help Center) රිපෝට් කිරීම.
මේ දෙකෙන් වඩාත් ම සුදුසු ක්‍රමේ තමා 2වෙනි ක්‍රමේ. මොකද ඉතාම කෙටි කාලෙකින් අපට මුහුණු පොතේ කාර්ය මණ්ඩලයේ අවධානය යොමු කරවා ගෙන අපේ ගැටළුවට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙනව
මේ සඳහා අපගේ අනන්‍යතාව තහවුරු කිරීමට අවැසි ලේඛනයක පිටපත් (Scan image or Photographs) අවශ්‍ය වෙනවා. එයාල අනුමත කරන ලේඛන බලා ගන්න පුළුවන් මෙන්න මේ ලින්කුවෙන්. මේවා අතුරින් ඕනෑම එකක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. :)
https://www.facebook.com/help/159096464162185?ref=cr
දැන් බලමු වැඩේ කරන ක්‍රමය ගැන. මේ සඳහා ඔබට එක්තරා පොඩි ප්‍රෝඩාවක් නම් කරන්න වෙනවා. ඒ තමා ඔයා මුහුණුපොතේ සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් නොවන බවට ප්‍රකාශ කිරීම. නැතිනම් මේ විදිහට කරන්න ඉඩ දෙන්නෙ නැහැ එයාල. අන්න ඒකයි, අනිත් වැදගත් ම දේ මේ සඳහා මොනව වෙලාවක වත් තමන්ගෙ මුහුණු පොතේ සඳහන් ඊමේල් ඇඩ්‍රස් එක යූස් කරන්න එපා. වෙනත් එකක් හදාගෙන හෝ ඒ සඳහා යූස් කරන්න. මොකද නැත්නම් එයාල චෙක් කරොත් අපිව හසු වෙන්න පුළුවන් නෙ. සාමාන්‍යයෙන් නම් එහෙම කරන්නෙ නැහැ. මං කිව්වෙ කෝකටත් හොඳ නිසයි. ;)
මේ ලින්කුවෙන් පුළුවන් ඔයාලට මේ සඳහා පිවිසෙන්න...
https://www.facebook.com/help/contact/295309487309948?helpref=faq_content

ඉහත දැක්වෙන පරිදි මෙම ෆෝම් එක පිරෙව්වට පස්සෙ ඔයාලට පුරවන්න ඒවි ටෙක්ස්ට් බොක්සස් ටිකක්. මේකෙන් Your Full Name කියන එකට දෙන්න ඕනි අපි සබ්මිට් කරන්න හදන හැඳුනුම්පතේ (NIC or Driving License or any ID from the list) සඳහන් ආකාරයට අපේ සම්පූර්ණ නමයි.
Your Contact Email Address එකට දෙන්න ඕනි අපි අර මේ වෙනුවෙන් හදා ගත්තු ඊමේල් ඇඩ්‍රස් එකයි.
Full name on the imposter profile යන්නට දෙන්න ඕනි අපේ නමින් හදපු ෆේක් එකවුන්ට් එකේ හරි අපේ හැක් වුනු එකවුන්ට් එකේ හරි සඳහන්ව පවතින නම
Email address or mobile number listed on the imposter profile (if available)
මේ අහන්නෙ ඒ අපිට ඉවත් කර ගන්න අවැසි එකවුන්ට් එකේ ඊමේල් ඇඩ්‍රස් එක හරි මොබයිල් නම්බර් එකක් දාල තියෙනව නම් ඒක හරි. මේක පේන්න තියෙනව නම් විතරක් දෙන්න පුළුවන්. නොදුන්න කියල ගැටළුවක් වෙන්නෙත් නැහැ.
Link (URL) to the imposter profile
මේ අහන්නෙ අපිට ඉවත් කර ගන්න අවශ්‍ය එකවුන්ට් එකේ ලින්ක් එකයි. ඒක අපට කොපි ඇන්ඩ් පේස්ට් කරල මෙතනට ලබා දෙන්න පුළුවන් පහසුවෙන් ම.
Upload ID(s)
මේ අහන්නෙ අපි අපේ අනන්‍යතාව තහවුරු කරන්න අවශ්‍ය ඩොකියුමන්ට්ස් වල (NIC වගේ) ඒවයෙ jpg ඡායාරූප. මං කලින් ම කිව්ව වගේ එයාල භාර ගනු ලබන ඕනෑම වර්ගෙක ID එකක ඡායාරූප මේ සඳහා භාවිතා කරන්න පුළුවන්.
Additional info
මේ කියන්නෙ අපට වැඩිදුරටත් කියන්න අවශ්‍ය දේවල්. මේක ගොඩක් ම වැදගත්. අපේ රිපෝට් එකේ කියන්න ඕනි සියල්ල ම අඩංගු කරන්න ඕනි මෙම ටෙක්ස්ට් බොක් එක තුළයි. පැහැදිළි ව සඳහන් කිරීම ඉතාම වැදගත් වෙනව ගැටළුව එයාලට ඉක්මනට ම අවශ්‍ය පියවරක් ලබා ගැනීම සඳහා.
ඉන්පසු Send click කරන්න. ටික වේලාවකින් ඔබ සඳහන් කල ඊමේල් ඇඩ්‍රස් එකට එයාලගෙන් රිප්ලයි එකක් ලැබෙයි ඔයාගෙ රිපෝට් එක එයාලට ලැබුණු බවට. ඊට පස්සෙ ඉතින් බලාගෙන ඉන්න තියෙන්නෙ. පැය 24ක් වගේ ඇතුළත එයාල එකවුන්ට් එක අයින් කරල ඒ බව කන්ෆර්ම් කරල ඊමේල් එකක් එවයි ඔයාගෙ රිපෝට් එක හරියට යැව්ව නම්. ගැටළුවක් තියෙයි නම් ඒ බවත් කියනව නැවත ඒ දේවල් එවන්න කියල. කෙසේහෝ ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි..
ඔයාල පොඩි යම් දෙයක් හෝ ඉගෙන ගන්න ඇති කියල හිතනව මේ ලිපියෙන්. ගැටළුවක් තියෙයි නම් කමෙන්‍ටුවක් මගින් විමසන්න. අපි උදව් කරන්නම්.
එහෙනම් නැවත පෝස්‍ටුවකින් හමුවෙමු...
No comments:
Post a Comment