මේ දිනවල පවතින අධික වියළි කාළගුණයත් සමග ජනතාව විදින අධික වූ දුක් ගැහැට මධ්‍යයේ...
ආ නෑ නෑ වැරදුනා. එහෙම කාළගුණයක් නෙවෙයිනෙ බොල තියෙන්නෙ. ගජරාමෙට වැස්ස නොවැ.
සමාව භාජනේකට දමන සේක්වා !! නැත්නම් බොලාල හිතයි මං KG වත් ගහල කියල. ;)
ඇත්තට ම මොනවද KG කියන්නෙ ? KG නේද ? නැහැ ඒව දැන ගන්න ඕනි නැහැ පොඩි ළමයින්ට. අදාල නෑනේ //. ඔය වයසට සංකීර්ණ වැඩියි ඒවා. මොකක්... අපි පොඩි ළමයි වෙන්නෙ කොහොමද ? ආ හැබෑට උඹල මොට්ටසෝරිත් ගිහින් තියෙන 18 පැනපු එවුන් නෙ. මට හිතුනෙ මේ ඉස්කෝලෙ ළමයි ටිකක් කියල. සොරි වෙන්න ඕනි හොදේ. 😉 KG කිව්වෙ කේරල ගංජා බං. ඒකවත් තේරුම් ගන්න බැරි හැටි. හරී. දැන් ගංජා වලින් වැඩක් නෑනෙ. මොකෝ අප් ඔය මල ජරාව පාවිච්චි කරනව කියලයැ...
😉 වැස්ස වලාහක දෙවියන්ට පඩි ලැබිලද කොහෙ ප්‍රමෝශන් එක්ක ම. කලින් පිහිටුවන්න තිබ්බ වැටුප් තල වල හිගත් හම්බ වෙලා අපට මදි නොකියන්න වතුර බෙදනව ඕන්... 😉 ඒත් එයත් වෙලාවකට අනේමන්ද. බෙදන පැති වලට බෙදනව ඉස්ම යන්න. නැති පැති වලට මොකුත් නෑ. විශාල ජල අක්‍රමිකතාවයක් මෙතන වෙනව වගේ තේරෙන්නෙ මට විතරද ? 😮
ඔරන් ඔටන් ට පැමිණිලි කරන්නත් හිතෙනවා. ආ නෑ නෑ වැරදුනා. ඔරන් ඔටන් ඉන්නෙ සත්තු වත්තෙ නෙ. ඌ මොනව කරන්නද මේවට, අහිංසකය... සොරි වෙන්න ඕනි. ඔම්බුස්ට්මන් ට.
ඒකෙන් මේකෙන් වුනේ අපට යටිතල පහසුකම් වත් වේල ගන්න බැරි වෙච්ච එකයි. පොරට නම් මොකෝ. මොකෝ මූ ඇදුම් අදිනව කියලයැ... එක්කො අයන් සරණන් ගච්ඡාමි නැත්නම් ශොපින් සරණන් ගච්ඡාමි ඔය දෙකට ම දෙවියන් ගෙ මල්ලී සල්ලි සරණන් ගච්ඡාමි සල්ලි වලට වැඩ සරණන් ගච්ඡාමි මොන වැඩද මේ මර වැස්සෙ. අනේමන්ද වැහි දෙවියන්ටත් කොයිල්ද කොහෙද දැන් නම්. මොලේ ඇමෝනියා වැඩි වෙලාද කොහෙ... උගෙ ආච්ච්ට....
නැහැ නැහැ මං කිව්වෙ උගෙ ආච්චිට බඩගිනි නම් අපි කන්න ටිකක් හදල දෙමු කියලයි.. 😉 ආච්චිගෙන් මොනවද ඕනි කියල ඇහුවම පැරඩයිස් කිව්වනෙ. 😮 පැරඩයිස් හන්දිය කොහොමද ආච්චිට ගෙනත් දෙන්නෙ කියල හිත හිත ඉන්නකොටයි දැක්කෙ හොදට ඇදපු වනිතාවක් ඒ ළග කෑම කඩේකට එනව. අපරාදෙ කියන්න බැහැ හරීම හොද ළමයෙක්. රෙදි වලට වත් අනවශ්‍ය විදිහට වියදම් කරල නැහැ. ඕනිම ගැජමැටික්ස් ටික විතරක් කවර් කරන් වුන්න ඒව පෙන්නන්න බැරි නිසා මයෙ හිතේ. දන්නෙ නැහැ කොහොමද කියල නම්. 😉
එයා ඇවිත් කතා කලෙත් සිංහලත් නොවෙන, කඩ්ඩත් නොවෙන, දෙමළත් නොවෙන ඒ තුන ම මිශ්‍ර භාෂාවකින් ඕන්. එයා ඉල්ලුවෙත් පැරඩයිස් වගේ එකක්. මං හොදට බැලුව මේ පැරඩයිස් එක දිහා. ටික වෙලාවකින් එයාට දුන්න ලොකූ ෆ්‍රයිඩ් රයිස් එකක්. එතකොටයි තේරුනේ ආච්චිත් ඉල්ලුවෙ ඒවනෙ කියල. 😉 එකක් දාගෙන ගිහින් දුන්න ඉතින්. පවුනෙ. අහිංසක කෑම හීන නෙ ආච්චිගෙත්.... 😉
වැහි දෙවියන්ට එන්න කියමු
අපේ රට බලන්න කියමු
බලාල ඉගෙන ගන්න කියමු අපී.
දෙවියන්ට ටියුෂන් දෙමුකො අපී... //

No comments:
Post a Comment