1. මතක මන්දිර තනා...
මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා
ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලෙ දන්නේ මගේ හිත තමයි //
මතක මන්දිර තනා...
මගේ මතක මාළිගාවේ
රැජිණ චංචලා
සිඹින්නට හිතයි පෙර සේ
සුවඳ රස බලාලා //
මතක මන්දිර තනා...
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/2134/mathaka-mandira-thana-samitha-mudunkotuwa-malith-perera-ft-iraj-sinhala-mp3.html
2. සොඳුරු සීතල යාමේ ඔබට ළංවී රහසේ
සොඳුරු සීතල යාමේ ඔබට ළංවී රහසේ
උණුසුමේ හැංඟීලා පාවෙමුද ආකාසේ
දම් පාට හැන්ඳෑවේ හිරු බසින මේ යාමේ
සුළඟෙ අප දැවටීලා පියනගමු ළඟටම වීහද ගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුම මේ
ඇස් පියන් මත දැවටී යන්නෙපා ඔබ වෙන් වී
ඔබෙ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී
සොඳුරු සීතල යාමේ ඔබට ළංවී රහසේ...
අම්බරේ රන්ගිර සේ නගිනු මේ පෑයූවේ
මල් සුවඳ පරදවලා සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා ඔබේ නෙතේ ආලෝකේ
ඔබයි මගෙ සඳ කිඳුරියෙ දිවිය ඇති තෙක් මාගේ
දම් පාට හැන්ඳෑවේ හිරු බසින මේ යාමේ
සුළඟෙ අප දැවටීලා පියනගමු ළඟටම වී
සොඳුරු සීතල යාමේ ඔබට ළංවී රහසේ
උණුසුමේ හැංඟීලා පාවෙමුද ආකාසේ
නෙතු ඉමේ පායාලා ඉන්න රන් තරුව සේ
සිත් හැඟුම් පුබුදාලා ළං වෙමු ද මේ යාමේ
දේදුන්න වෙත පියඹා පාට තවරා සිහිනේ
ඔබ මගෙ මා ඔබගේ ලියමු අපි අම්බරයේ
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/329/dam-pata-hendewe-snr-eranga-sinhala-mp3.html
3. යායට පායනා පෝදා සඳ
යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරෙකහිත පාරනා මේ මා දුක
සැපසේ වින්ඳා
හෙට රෑ වෙලා එළිවෙන සඳ
හිත හාරනා මහ පාළුව
නුඹ ගන්නවා නම් ආපිට
යනවා... කැන්දා...
වෑහෙන්නම් මා ඉඳහිට ඒ සඳේ ඇඳිලා
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා
තනි පැලේදී තනිව උරගෑ රෑ ගණන් බලලා
අවේලාවක පෑයූ තරුවී පෑ බැලුම් හින්දා
තනි ඇතා සේ හිතින් හිතපු මල්වියේ අරුමේ
නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් බැඳුනේ
තරු ගනිද්දී නුඹම පෙන්වූ හීනයේ ගිලිලා
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ වින්දා
මල් බිසෝ වී මෙමට දුන්නු සතුට යළි ගත්තා
නුඹ පතා මං එක සිතින් පිදූ ජීවිතේ මැරුණා
යායට පායනා...
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:-http://www.ananmanan.lk/free-sinhala-mp3/song/154/yayata-payana-poda-sada-prihan-madappuli-ft-iraj-sinhala-mp3.html
4. අහසට සොඳුරුද
අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රළ කෙතරම්එතරම් මිහිරියි ඔබ මට නම්
හිත මැද පෙම්බරකම් සඟවා
යන එන මඟ ඉඟි බිඟි කරමින්
හොඳ නැහැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්
සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුණා හිතුණා //
අහසට සොඳුරුද...
සොඳුරුද මා හට ඔබ කෙතරම්
අන්සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැති වූ සඳ වෙයි ලතැවුල්
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට සිතුවේ ඇයි නුඹ
බිළිඳුන් නිදි නෑ මං යනවා
අහසට සොඳුරුද...
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1139/ahasata-sonduruda-sanda-ketharam-nelu-adhikari-kashyapa-dissanayaka-sinhala-mp3.html
5. මගෙ ආදරෙ හිමිකාරී
මගෙ ආදරෙ හිමිකාරී නෙතු මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී
මගේ සෙනෙහේ පතාලා ඔයා නෑ ඇමතුවේ
මගෙ ආදරෙ හිමිකාරී නෙතු මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී
ළං වෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා
මුදු දමා අතැඟිලී මා ඔබව සැරසුවා
මගෙ ආදරෙ හිමිකාරී නෙතු මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී
රෑට සඳ සේ උදාවී ආදරෙන් ළං වුණා
මාගෙ සෙනෙහේ සියුම් තැන්
නොම වැටහී ගියා
මගෙ ආදරෙ හිමිකාරී අද මාගේ මනමාලී
ඔබෙ ආදරේ මනමාලී
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.topsinhalamp3.com/mp3-downloads/download-mp3.php?download=mage-adara-himikari-(manamali)-mp3-song&type=mp3&id=22224&music=gOhOklO
6. මන්දිර සඳළුතල සල්පෙල් සතර කොන
මන්දිර සඳළුතල සල්පෙල් සතර කොන
රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඟුලන
මින් පෙර නොදුටු ඔබ කවුදැයි කියනු මැන
ඈත දුරක පිපෙනා රුව දෑසට හමුනොවෙනා
කෝල නිහඬ වදිනා මුදු සීත ගුණය දැනුනා
මේ ගිරි වරු කියනා වන මල් දැයි සිතුණා
මන්දිර සඳළුතල සල්පෙල් සතර කොන
රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඟුලන
සුන්දර මුහුණු පෙළ අතරේ කිසිම දින
මින් පෙර නොදුටු ඔබ කවුදැයි කියනු මැන
ඈත දුරක රැඳෙනා රුව දෑසට හමු නොවෙනා
රෑ සිහිනෙන් දකිනා තව සිහිනෙයකැයි සිතනා
සීත හිමේ සොඳිනා මේ වන මල පිපුනා
සඳ රැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
තුරු හිස පවා වැසි නොපැතූ හෝරාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවණට නාවේ...//
වනපස මලේ ඔබ ඇයි සෙවණට නාවේ...//
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:-http://www.ananmanan.lk/free-sinhala-mp3/song/2133/mandira-sandaluthala-infaas-sinhala-mp3.html
7. තාන තනා තම්ඳේ නා තම්ඳෙ නා නා
තාන තනා තම්ඳේ නා තම්ඳෙ නා නා
තෙතන තනා තම්ඳේ නා තම්ඳෙ නා නා
සඳවතියේ ඔබෙ මුදු දෑතේ
වළලු හඬින් මා සිත පිබිදේ
ඔමරි ලතා මා හද දැවටේ
පායන සඳ මෙන් ඔබ මා සිත බැබැළේ
තාන තනා තම්ඳේ නා තම්ඳෙ නා නා
තෙතන තනා තම්ඳේ නා තම්ඳෙ නා නා //
හැන්දෑවේ සඳකැන් අතරේ
මා සෙනෙහේ ඔබ ළඟ රැඳුණේ
රෑ අහසේ රන් තරු දිළිසේ
තනිකම ආවේ තනියට වාගේ
තාන තනා තම්ඳේ...
ඔය දෙතොලේ සිනහව දැකලා
රන් ගොයමේ මල් පීදී නැමිලා
දෙවැට දිගේ තුරුවැල් සැලෙනා
මන බැන්ඳූ ඔබෙ රුව දැකලා
තාන තනා තම්ඳේ...
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/4635/sandawathiye-oba-mudu-dathe-thana-thana-centigradz-sinhala-mp3.html
8. මන්දාරම් වැහි පොද හිරිකඩ
මන්දාරම් වැහි පොද හිරිකඩ මයෙ සියොළඟ රන්දාලා
උන් අප ආ ගිය මග වගතොට මතක අගුළු හැර දාලා
දෝරෙ ගලා ගිය උණු කඳුලැලි වියළි දෙතොල් මත වැටුණා
පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
මැළවුණු මගෙ දෙතොළෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගනයුරු මට කියාදී යන්න
උමතුව අද විලාප දෙන හඬ අහගෙන ඉන්න
බිඳකට ඇවිදින් මයෙ ළය මත ඔය සවන තියන්න
පැහැසර ඔබෙ ආදරේ...
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1169/pahasara-obe-adare-centigradz-sinhala-mp3.html
9. රන්වන් මල්දම්
රන්වන් මල්දම් සොඳ ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා
සිමන්මත් කරනා මුදු සිනා මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින් //
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක් ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟේ බැඳි ආදරේ
මගෙ සිත තවම නුඹ ගාව රැඳිලා තියේ
තුරුළට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය ඔබෙ දෙතොලෙ තබමින්
හිමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහස පතමි ඔබෙ දැහැනෙ රැඳෙමින්
තුරුළට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය ඔබෙ දෙතොලෙ තබමින්
යහනක සතපවා සිහින දකිමින්
මියැදුනු සඳක ඔබ පතමි ස්නේහෙන්
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ...
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/72/ran-wan-mal-dam-soda-gotha-ma-athin-centigradz-sinhala-mp3.html
10. ආඩම්බරයි බැලුවම නම්
ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොඳ නම්
ආලෙන් පෙලෙන්න ඇයි තහනම් //
පෙම් හසරැල් ඔබ රැඳුණේ නිල් යායක රැස් වාගේ
ඔබ සිත මා තුරුලේ නැලවුණු හැටි මගෙ මතකේ
තාමත් ඇත අද වාගේ ඉන්නම් සැමදා ඔබගේ
සෙවණැල්ලක් වී සසරේ අවසානය තෙක් ම හදේ
තනිකම නැති කර සැමදා මම ළං වූවා ඔබ සෙවණේ
ඔබ සිනහව මා හදේ රැඳුණේ නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ
මට ළං වී කියූ දෙය මතකේ තවම රැඳේ
ආඩම්බරයි බැලුව ම නම් //
දුක සිතෙන්නෙ අපට ම පමණද
තව සුසුම් වල උණුසුම මොකටද
මට තියෙන්නෙ තනිකම තනියට
ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද //
ආඩම්බරයි බැලුව ම නම් //
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/75/adambarai-baluwama-nam-surani-de-mel-sinhala-mp3.html
11. බඹර පැටික්කා
හොඳට මත් වුනු බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතඟ මල් පෙති ඇහැ වහ ගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා //
නුඹට මල් පැණි මදිවද මන්දා
නෙතඟ මල් පෙති ඇහැ වහ ගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත් වුනු බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
හඳපානේ නටන්න බැරි එක දුකයි තමා
සුදු මූණේ ඉඹින්න බැරි තොල් තෙතයි තමා
මම කී දේ ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
හැර යන්නේ ඇගෙ හිත හොඳට ම පළුදු වෙලා
මට නටන්න බැරි එක දුකයි තමයි
මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුව ම කයි
ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
මට පොඩ්ඩක් High වගෙ දැනෙනවමයි
හොඳට මත් වුනු...
එනවානේ තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
පණ වාගේ බලා ගන්න මම වැටෙයි මෙයා
සැනසිල්ලේ මධුවිත තොල ගා තුරුළු වෙලා
නැළවෙන්නේ හදා ගන්න හිත තියෙන නිසා
දැන්නම් අනෙ මට ගොඩක් ම High
මට Double වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි
මගෙ යාළුවො සෙට් එක තාමත් දොයි
දැන් Car එක නම් ඔයාට Drive කරන්න වෙයි
හොඳට මත් වුනු...
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/2630/babara-patikka-hodata-math-una-iraj-ft-samitha-mudunkotuwa-sinhala-mp3.html
12. රැස් විහිදෙන සමනලියකගෙන්
රැස් විහිදෙන සමනලියකගෙන්
ඉඟියක් ලැබුණාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වීනෙත් තෙමුනා ම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
මහමෙර සේම
සියැසින් දුටු සිහිනයකින්
රහසක් ගෙන එන්නම්
හැබැහින් විඳ ගන්න
රහසින් ගෑ මුදු සුවඳින්
හුස්මක් පුරවන්නම්
ළමැදේ බිහි වෙන්න
සුසුමින් හුන්මිටි තබමින්
තනියෙන් ඉන්නව නම්
ඉන්නම් දුක ගන්න
ගලනා දා බිඳු පිසිමින්
වත්සුණු තවරන්නම්
ඉරණම පෙරළන්න
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/66/res-wihidena-samanaliyakagen-igiyak-labunama-bathiya-santhush-sinhala-mp3.html
No comments:
Post a Comment